මෙම මධ්‍යස්ථානය 1975 වසරේදී ශ්‍රී ලංකා ස්වීස් පශු සම්පත් සංවර්ධන ව්‍යාපෘතියේ සහයෝගීතාවය ඇතිව පොළොන්නරුව, මඩකලපුව අම්පාර යන දිස්ත්‍රික්කවල කෘත්‍රීම සිංචනය ව්‍යාප්ත කිරීම සදහා ආරම්භ කරන ලදී.
මෙම මධ්‍යස්ථානයට අක්කර 60 ක පමණ භූමිභාගයක් අයත්වන අතර ඉන් අක්කර 10 ක් පමණ ගොඩනැගිලි ඉදිකර ඇත. ඉතිරි අක්කර 50 ක වන භූමි වගාව තෘණ වගාව සදහා යොදාගෙන ඇත.
මේ වන විට මෙම මධ්‍යස්ථානය කෘත්‍රීම සිංචනය සදහා අවශ්‍ය ගව ශුක්‍ර නිෂ්පාදනය සදහා පුන් ගවයින් 08 ක් පමණ සිටී. මෙම ගවයින්ගේ වර්ග වනුයේ සහිවාල් (එළගව), මූරා(මීගව)ය. මීට අමතරව කෘත්‍රීම සිංචන ශිල්පීන් පුහුණුව මෙම මධ්‍යස්ථානයේ සිදු කරනු ලබයි.
තෘණ සහ පෝෂ තෘණ සංවර්ධන වැඩසටහන් යටතේ අක්කර 25 පමණ වූ භූමිභාගයක තෘණ සහ පෝෂතෘණ වගා කර ඇත. මෙම රෝපණ ද්‍රව්‍ය ගොවීන් සදහා නිකුත් කෙරේ.