English (United Kingdom)Tamil (Sri Lanka)
Home ආයතන / මධ්‍යස්ථාන කෘතීම සිංචන මධ්‍යස්ථාන කෘතීම සිංචන මධ්‍යස්ථානය කුණ්ඩසාලේ

මධ්‍යම කෘත්‍රීම සිංචන ස්ථානය කුණ්ඩසාලේ

ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ   මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාල ආසනයේ මහනුවර සිට දිගන මහා මාර්ගයේ කිලෝමීටර 7 ක් පමණ ගමන් කල පසු මෙම මධ්‍යස්ථානය පිහිටා ඇත.මහා මාර්ගයට යාබදව පිහිටි මෙම මධ්‍යස්ථානය අක්කර 55 ක පමණ භූමි භාගයක පැතිර ඇති අතර එයින් අක්කර 30 ක පමණ ඉඩම් ප්‍රමාණයක සංවර්ධිත තෘණ භූමි පිහිටා ඇත.ඉතිරි බිම් කොටස් ගොඩනැගිලි පාරවල් සහ ගල් පර්වතවලින් ආවරණය වී ඇත.මෙම මධ්‍යස්ථානය 1962 දී ආරම්භ කරන ලද්දකි.

ස්ථානභාර පශු වෛද්‍ය  නිලධාරී මහතකු සමග පශු සම්පත් සංවර්ධන නිලධාරීන් දෙදෙනෙකු පර්යේෂණ සහකාරවරියක් ගබඩා භාරකරුවෙකු යාන්ත්‍රික ශිල්පියෙකු රියදුරන් දෙදෙනෙකු සමග ස්ථීර සේවකයින් 17 ත් දෙනෙකු ඇතුලත් කාර්ය මණ්ඩලයක් දැනට සිටී.

උසස් ආරයේ ප්‍රීසීයන් පුං ගවයින් 11 දෙනෙකු ජර්සි පුං ගවයින් 12 දෙනෙකු  සහිවාල් පුං ගවයින් තිදෙනෙකු සහ ජම්නපාරි එඵවන් 9 දෙනෙකු නඩත්තු කෙරෙන අතර මෙම සතුන් දැනට ශුක්‍රාණු නිපදවීමට යොදාගනු ලබයි.

මෙම ආයතනය සදහා අවශ්‍ය අවස්ථාවලදී සතුන් ආනයනය කරනු ලබන අතර එයට අමතරව අඹේවෙල, නිකවැරටිය, බෝපත්තලාව යන ගොවිපලවල් වලින් ජානමය ක්‍රියාවන්ගෙන් පරිපූර්ණ මව් දෙ‍නුන් තෝරාගෙන ආනයනික උසස් ආරවල ශුක්‍රාණු යොදා ඉදිරි පරම්පරාවන් බිහිකරනු ලබයි.

ඉදිරියේදී ප්‍රජනන පරීක්ෂාව සදහා අවශ්‍ය  කටයුතු දැනටමත් සැලසුම් කර ඇත.දැනට සතියේ සෑම සිකුරාදා දිනකම ශුක්‍රාණු නිෂ්පාදනය කරනු ලබන අතර දිනකට ශුක්‍රාණු වඩි 6000ක් පමණ නිපදවනු ලබයි.මෙසේ නිපදවනු ලබන ශුක්‍රාණු අධිශීත තත්වයෙන් ගබඩා කර දියර නයිට්රපජන් සමග බෙදා හැරීම කෙරෙනු ලැබේ. මේ අනුව සෑම සති තුනකට වරක්ම දිවයිනපුරා ඇති සෑම පශු වෛද්‍ය  කාර්යාලයක්ම ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ගොවිපල්වල කෘතීම සිංචන උප  මධස්ථාන ආවරණය වන ආකාරයට බෙදාහැරීමේ ක්‍රියාවලිය සිදුවේ. ලංකාවේ නැගෙනහිර පලාතේද මෙම බෙදාහැරීමේ කටයුතු දියත් කර ඇත.

අවසන් යාවත්කාලීන කිරීම ( 2012 පෙබරවාරි 15 වෙනි බදාදා, 09:47 )