සත්ව පාලන පුහුණු මධ්‍යස්ථානය වියලි කලාපයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිප්පුකුලම නම් ග්‍රාමයේ පිහිටා ඇත. හෙක්ටයාර් 100ක වපසරියක් සහිත භූමිභාගයක පිහිටුවා ඇති මෙම ආයතනය මධ්‍යම මට්ටමේ තාක්ෂණික නිලධාරීන්ට හා ගොවීන්ට පශු සම්පත් ක්ෂේත්‍රය පිළිබද ප්‍රායෝගික පුහුණුව ලබා දිය හැකි ඉතාම උචිත පහසුකම්වලින් යුක්ත වේ. ප්‍රායෝගික පුහුණුව ලබා දීම සදහා කිරිගව, මීගව, කුකුඵ, එඵ, බැටඵ, ඌරු හා සාවුන්ගෙන් යුත් ගොවිපල් ඒකක හා දියුණු පෝෂණ / ගෝචර තෘණ භූමි මෙහි පිහිටා ඇත. සිසුන් 75 ක් සදහා එක්වර නේවාසික පහසුකම්වලින් ද යුක්ත වේ.
දෙපාර්තමේන්තුවේ මානව සම්පත් සංවර්ධන අංශය යටතේ පාලනය වනු ලබන මෙම ආයතනය මගින් රැකියා විරහිත තරුණ තරුණියන් සදහා කෙටිකාලීන ස්වයං රැකියා හා ව්‍යවසායික සංවර්ධන සහතික පත්‍ර පාඨමාලා පවත්වනු ලැබේ. පාඨමාලා වර්ගය අනුව පාඨමාලාවේ කාලසීමාව සති 02 සිට මාස 02 ක් දක්වා වේ. රැකියා විරහිත තරුණ පරම්පරාවෙන් මෙම පාඨමාලා සදහා ඉහල ඉල්ලුමක් ඇති අතර, කුකුඵ පාලනය, ගව පාලනය හා කිරි සැකසුම් තාක්ෂණය මෙම පාඨමාලාවන්හි ප්‍රධාන විෂයයන් වේ.