ශ්‍රී ලාංකීය තරුණ පරම්පරාව සදහා පශු සම්පත් ක්ෂේත්‍රයට අදාල වඩාත් දියුණු වූ තාක්ෂණික ඥානය හා හැකියාවන් ලබා දීම සදහා ශ්‍රී ලංකා සත්ව පාලන විද්‍යාලය පිහිටුවා ඇත. මෙම ආයතනය මගින් පිලිගන්වනු ලබන ඩිප්ලෝමා පාඨමාලාව සදහා රාජ්‍ය හා පුද්ගලික අංශයේ රැකියා ලබා ගැනීමේදී ඉතා හොද පිළිගැනීමක් ඇත.
දෙපාර්තමේන්තුවේ මානව සම්පත් සංවර්ධන අංශය යටතේ පාලනය වන මෙම ආයතනය සතුව එක්වර සිසුන් 100 දෙනෙකු සදහා නේවාසික පහසුකම් ඇත. සත්ව පාලනය පිළිබද ප්‍රායෝගික පුහුණුව ලබා දීම පිණිස ඒ ඒ සත්ව පාලන විෂයයන්ගෙන් සැදුම්ලත් ගොවිපල් ඒකක මෙහි පිහිටුවා ඇත. තවද සිසුනට අධ්‍යාපනය ලබා දීම සදහා මෙම ආයතනය අට දෙනෙකුගෙන් යුත් කථිකාචාර්ය මණ්ඩලයක් හා නොයෙකුත් ක්ෂේත්‍රයන් පිළිබද විශේෂ දැනුමෙන් යුත් බාහිර දේශක මණ්ඩලයකින්ද යුක්තය. අධ්‍යාපන පාඨමාලා සිසුන්ට නොමිලේ පැවැත්වෙන අතර පාඨමාලාව න්‍යායික හා ප්‍රායෝගික හා පුද්ගලික අංශයේ පශු සම්පත් ක්ෂේත්‍රයට අදාල ආයතනය ලබා දෙනු ලබන මාස 6 ක ප්‍රායෝගික ව්‍යාපෘති වැඩසටහනකින්ද යුක්තවේ.